වෙඩි ප්‍රහාරයකට ලක්වූ කේ. සුජීවා ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව යයි

වෙඩි ප්‍රහාරයකට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගායන ශිල්පිණී කේ.සුජීවා රෝහලෙන් පිටව ගොස් තිබේ.
පසුගිය 8 වන දින අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ආයතනයක් විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු සිදුකළ වෙඩි ප්‍රහාරයකින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු මියගියේය.
එහිදි ගායන ශිල්පිණී කේ. සුජීවා ඇතුළු සිව්දෙනෙකු තුවාල ලැබු අතර ඔවුන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට සහ කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණි.
එහිදි කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කේ. සූජීවාගේ සැත්කම් කිහිපයකින් අනතුරුව මුදල් ගෙවා ප්‍රතිකාර කිරීම් සිදුකරනු ලබන වාට්ටුවක ප්‍රතිකාර ලැබු අතර මේ වන විට ඇය රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.
262 Views
Comments