පාසැල් පැවැත්වෙන වේලාවන් වෙනස් කෙරේ – ඒ ඒ පන්තිවලට අදාළ වේලාවන් මෙන්න

පාසැල් විවෘත කිරිමෙන් පසු එහි පවත්වනු ලබන කාල වේලාවන් සංශෝධනයට ලක් කොට තිබෙනවා.ඒ අනුව 3 සහ 4 ශ්‍රේණිවල සිසු සිසුවියන් උදෑසන 7.30 සිට 11.30 දක්වා පාසැල් පැවැත්වේ.
5 වසර ශ්‍රේණියේ සිසු සිසුවියන්ට පාසැල පවත්වනු ලබන්නේ උදෑසන 7.30 සිට 12 දක්වායි. 6 වසරේ සිට 09 වසර දක්වා ශ්‍රේණිය සඳහා පාසැල පවත්වනු ලබන්නේ පෙරවරු 7.30 සිට 1.30 දක්වායි.
10 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසැල් පවත්වනු ලබන්නේ පෙරවරු 7.30 සිට සවස 3.30 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටියා
705 Views
Comments