JAN
13
හදිසි අසනීප තත්වයක් හේතුවෙන් දුමින්ද සිල්වා ජාතික රෝහලට

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ වරදකරුවී මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හදිසි අසනීප තත්වයක් හේතුවෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරු කර ඇත.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසුවේ දුමින්ද සිල්වා මහතා ඉකුත් 10 වැනිදා රාත්‍රිය අසනීප තත්වයක් හේතුවෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බවය.
ඉන් අනතුරුව තත්වය බරපතල වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට මාරු කළ බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
130 Views
Comments