OCT
31
පන්සලේදී වනඅලි ප්‍රහාරයකින් දරුවෙකු මරුට

කරුවලගස්වැව – රජවිගම ගලපිටගම විහාරස්ථානයේ බෝධි පුජාවකට සහභාගි වෙමින් සිටි වයස අවුරුදු හතරක දරුවකු වන අලි ප්‍රහාරයකින් ඊයේ (30) මිය ගොස් ඇති බව කරුවලගස්වැව පොලීසිය සඳහන් කළා.
පස්වරු 6.30 පමණ විහාරස්ථානයට කඩා වැදුණු වන අලියා පහරදීමෙන් තුවාල ලැබු මෙම දරුවා ආණමඩුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් තිබෙනවා.
විහාස්ථානයේ වැලි මළුවට කඩා වැදී ඇති වන අලියා මව හා දරුවා එකට උස්සා ගෙන ඇති බවත්, දරුවා බිම වැටීමෙන් වන අලියා පාගා ඇති බවට වර්තවනවා
657 Views
Comments