දිවි පරදුවට තබා හදපු රට අද ආපස්සට යනවා - විජය හිටියනම් මුහුදට පනී
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
16

දිවි පරදුවට තබා හදපු රට අද ආපස්සට යනවා - විජය හිටියනම් මුහුදට පනී

දිවි පරදුවට තබා හදපු රට අද ආපස්සට යනවා - විජය හිටියනම් මුහුදට පනී

දිවි පරදුවට තබා ගොඩනැගූ රට යළි ආපස්සට හැරී ඇති බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.

 

අද දින විජය කුමාරතුංග මහතාගේ 33 වන ගුණසැමරුම සීදූව සමාධිය අභියසදී පැවති අතර එහිදී හිටපු ජනාධිපතිනිය මේ බව කියා සිටියා.

 

"අපි හදනවා මේ කවුරුහරි ඇවිල්ල විනාශ කරනවා... මේ රට කවදාවත් ඉදිරියට යන්න බෑ.... තරුණ උගත් හොරකම් නොකරන දේශ්පාලන බිස්නස් එකක් නොකරගන්නා අවංකවම තමාගේ වියදමින් රටට වැඩ කරල ඉඳලා ගෙදර යනවා. මැරෙනකං එක් එක් කෙනාගේ අත් වල එල්ලිලා කොර ගහ ගහ යන තත්වෙට ඉන්න දේශපාලනඥයන් අපේ රටට කරන්න බෑ.... අපි හැදුව හැදුව ජීවිතය පරදුවට තියලා... ආයෙ ඔක්කොම අනිත්පසට හැරිලා... විජය හිටියනම් මං කියන්නේ විජය ගිහිල්ලා මුහුද ට පනි. රජය කරන වැඩ විදේශ සබඳතා ගැන අවබෝධයක් තියෙන්න ඕනෙ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ විදේශ සබදතා කන්නද කියල ඇහුවෙ.. දැන් අපිව කාල ඉවරයි....දැන් නොකියා අපි චීනයේ යටත් විජිතයක්..."

views

911 Views

Comments

arrow-up