ශලනි ඇතුළු 25 දෙනාගේ PCR නෙගට්ව්!

ජනප්‍රිය නිළි ශලිනි තාරුකා ඇතුලු ‘කැන් යූ හියර් මී’ ටෙලිනාට්‍ය කණ්ඩායමේ 25 දෙනාගේ පීසීආර් පරීක්ෂණ ප්‍රතිපල මේ වනවිට ලැබී ඇති අතර ඒ සියල්ල ‘නෙගටිව්’ බව වාර්තා වේ.
පසුගිය දිනෙක බණ්ඩාරවෙල නගරයේ මෙම නාට්‍යයේ රූගත කිරීම් පැවැත්වී ඇති අතර යම් පිරිසක් විසින් ඊට විරෝධය පළ කරමින් අදාළ කණ්ඩායමම නිරෝධායනය කළ යුතු බවට අදහස් දක්වා තිබිණ.
ඒ අනුව ශලනි තාරකා ඇතුලු පිරිස අදාළ ස්ථානවලම නිරෝධයනයට ලක් කර තිබූ අතර පසුව කරන ලද පරීක්ෂණවලදී ඔවුනට කොරෝනා වැළදී නැති බව තහවුරු වී ඇත.
ඒ අනුව රූගත කිරීම් සිදුකිරීමට සුදුසු මානසික තත්ත්වයක නොමැති නිසා නිෂ්පාදන කණ්ඩායම මේ වනවිට කොළඹ බලා පැමිණීමේ සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.
614 Views
Comments