රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවටත් කෝවිඩ් බෝවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
28

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවටත් කෝවිඩ් බෝවෙයි

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවටත් කෝවිඩ් බෝවෙයි

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ගිණුම් අංශයේ කාර්යාල කාර්ය සහායකවරයෙකුට කොවිඩ් අසාදිතව ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා  සඳහන් කර ඇත.

 

එම අසාදිත පුද්ගලයා නාවලපිටිය, උලපනේ, උඩගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පැවසේ එමෙන්ම ඔහු පසුගිය 23 වන දා නිවාඩු ලබා තම නිවසට පැමිණ තිබේ.

 

පසුව කල සොයා බැලීම් වලදී එම පුද්ගලයා පැමිණෙන අතරතුර පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට ගොස් නිවසට රැගෙන යාමට මාළු මිල දී ගෙන ඇත.

 

අනතුරුව ඊයේ දිනයේ (27) රාත්‍රී නිකුත් වූ PCR වාර්තාවට අනුව ඔහු කොරෝනා ආසාදිතයකු බව අනාවරණය කර ගත් බව උලපනේ මහජන සෞඛ්‍ය පරීක්ෂක බී.එච්.ටී.

අමරසේකර මහතා සඳහන් කරනවා.

 

කොවිඩ් අසාදිත එම පුද්ගලයා තෙල්දෙණිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ කාර්යාල ආශ්‍රිතයන් PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇත.

 

අසාදිත පුද්ගලයාගේ මවත් පියාත් පමණක් එම නිවසේ ජීවත් වන අත‍ර ඔවුන් දැනට ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර හෙට දිනයේ ඔවුන්ගේ PCR සාම්පල ලබාගැනීමට නියමිතයි.

views

725 Views

Comments

arrow-up