බ්‍රැන්ඩික්ස් පොකුර ගැන විමර්ශනයේ ප්‍රගතිය නීතිපති, පොලීසියෙන් අදම ඉල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
18

බ්‍රැන්ඩික්ස් පොකුර ගැන විමර්ශනයේ ප්‍රගතිය නීතිපති, පොලීසියෙන් අදම ඉල්ලයි

බ්‍රැන්ඩික්ස් පොකුර ගැන විමර්ශනයේ ප්‍රගතිය නීතිපති, පොලීසියෙන් අදම ඉල්ලයි

බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවෙන් ව්‍යාප්ත වූ කොරෝනා ආසාදිත පොකුර සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ඉල්ලා සිටි ප්‍රගති වාර්තාව අදම ලැබීමට සලස්වන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.

 

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න කියා සිටියේ නීතිපතිවරයා අද (18) දිනයේදී මෙම විමර්ශනය සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු කණ්ඩායම කැඳවා උපදෙස් ලබාදීමක් ද සිදුකළ බවයි.


 
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය,

 

“කොවිඩ්-19 බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළ විමර්ශන සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා විසින් ගරු නීතිපතිතුමා වෙත අද දින ලිපියකින් දන්වන ලද්දේ මෙකී විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් යුත් කාණ්ඩායමක් පත්කර ඇති බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ කොවිඩ්-19 බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළ විමර්ශනයේ අධික්ෂණය සිදුවන බවද, වැඩිදුරටත් දන්වා සිටිනවා. ඒ අනුව, අද දින ගරු නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති, අධ්‍යක්ෂ ඇතුළු විමර්ශන කණ්ඩායමක් කැඳවා විමර්ශනය සම්බන්ධයෙන් නිසි උපදෙස් ලබාදීමක් සිදුකළා. කෙසේවෙතත් විමර්ශනයේ ප්‍රගතියට අදාළව ගරු නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාගෙන් 2020 නොවැම්බර් 13 වන දිනට ඉල්ලා සිටි ප්‍රගති වාර්තාව මේ වන තෙක් ලැබී නොමැති බව සඳහන් කරන අතර එම වාර්තාව අද දිනම ලැබීමට සලස්වන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට ගරු නීතිපතිතුමා විසින් ලිඛිතව උපදෙස් ලබාදීමක් සිදුකළා.  කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය පිළිබඳව ජාතික ව්‍යසනයක් ඇති මේ අවස්ථාවේ විමර්ශනය කඩිනමින් සිදුකළ යුතු බවට ගරු නීතිපතිතුමා විසින්  වැඩබලන පොලිස්පතිවරයා වෙත වැඩිදුරටත් අවධාරණය කර සිටියා.“

 

views

680 Views

Comments

arrow-up