හේමසිරි - පූජිත්ට එරෙහිව සිදුකළ පරීක්ෂණ අවසන් බව CIDය අධිකරණයට දන්වයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
23

හේමසිරි - පූජිත්ට එරෙහිව සිදුකළ පරීක්ෂණ අවසන් බව CIDය අධිකරණයට දන්වයි

හේමසිරි - පූජිත්ට එරෙහිව සිදුකළ පරීක්ෂණ අවසන් බව CIDය අධිකරණයට දන්වයි

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරි පැහැර හැරීම තුළින් මිනීමැරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව සිදුකළ පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ආර්.යූ. ජයසූරිය මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරුවන් සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති බවයි.

මොවුන් සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් විමසා ඇති බවත් විමර්ශන ගොනු නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවත් එම නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.

ඉන් අනතුරුව පැමිණිල්ල නැවත මාර්තු මස 14 වැනිදා කැඳවීමට නියම කළ අධිකරණය එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැනුම් දුන්නේය.

 

views

862 Views

Comments

arrow-up