අයහපත් කාලගුණය හේතුවෙන් එළවළු මිල ඉහළට

දිවයින පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් උඩරට සහ පහතරට එළවළු මිල ඉහළ ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ එළවළු වෙළෙන්දෝ පවසති.
එලවළු වගාවන් ජලයෙන් යට වීම නිසා අස්වැන්න නෙළා ගැනීමට නොහැකි විම හමුවේ ඉල්ලුමට සරිලන එළවළු සැපයුමක් වෙළෙඳ පොළේ නොමැති වීමෙන් එළවළු වර්ග කිහිපයක මිල ඉහළ ගොස් තිබේ. අමු මිරිස් කිලෝවක් රු 800, තක්කාලි රු 400, මාළු මිරිස් රු 650, බෝංචි 400 යන මිල ගණන් යටතේ මේ දිනයන්හි අලෙවි කරන බවත්, ඉදිරි දිනයන්වලදී එලවළු මිල තවත් ඉහළ යන බවද වෙළෙඳුන් පැවසීය.
151 Views
Comments