ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් - ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
27

ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් - ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි

ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් - ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි

රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

 

මධ්‍යම,සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.

 

දිවයිනවටා මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

 

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන සිට නැගෙනහිර දක්වා වන දිශා වලින් හමාඑයි.

 

සුළගේ වේගයපැ.කි.මී. (20-30) පමණවේ. දිවයින වටා මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මද වශයෙන් රළු වේ.

views

688 Views

Comments

arrow-up