මීගමුව බන්ධනාගාරයට පාර්සලයක් විසි කිරීම සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට

ඊයේ මීගමුව බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් පාර්සලයක් විසි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ බන්ධනාගාර තාප්පය ඉහළින් විසිකළ එම පාර්සලයේ තිබී හෙරොයින් ග්‍රෑම් අටක් දුම් කොළ හතක් ජංගම දුරකථනයක් චාජරයක් ලයිටර නමයක් තිබු බව පොලිසිය සඳහන් කරනවා.
අදාල පාර්සලය බන්ධනාගාර ආරක්ෂකයින් භාරයට ගැනුනු අතර ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කෙරුණා.
වයස අවුරුදු 32 ක සහ වයස අවුරුදු 49 ක සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් දෙදෙනා මීගමුව සහ සීදුව යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
සැකකරුවන් දෙදෙනා අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
512 Views
Comments