අද සිට හුදෙකලා කරන ප්‍රදේශ හා හුදෙකලා තත්වය ඉවත් වූ ප්‍රදේශ මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
30

අද සිට හුදෙකලා කරන ප්‍රදේශ හා හුදෙකලා තත්වය ඉවත් වූ ප්‍රදේශ මෙන්න

අද සිට හුදෙකලා කරන ප්‍රදේශ හා හුදෙකලා තත්වය ඉවත් වූ ප්‍රදේශ මෙන්න

මට්ටක්කුලිය පොලිස් බලප‍්‍රදේශයේ පිහිටි රන්දිය උයන නිවාස යෝජනා ක‍්‍රමය සහ ෆර්ගියුෂන් පාරේ දකුණු පෙදෙස අද අළුයම 05 සිට හුදෙකලා කර තිබෙනවා.

 

වැල්ලම්පිටිය පොලිස් බල ප‍්‍රදේශයට අයත් ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක‍්‍රමය මෙන්ම සාලමුල්ල සහ විජයපුර යන ග‍්‍රාම නිලධාරී වසම් ද අද අළුයම 05 සිට හුදෙකලා කෙරුණා.

 

කෙසේවෙතත් හුදෙකලා කර තිබූ කොළඹ දිස්ත‍්‍රික්කයේ පිටකොටුව, වෙරළබඩ සහ මට්ටක්කුලිය යන ප‍්‍රදේශ අද අලූයම 5.00 සිට හුදෙකලා තත්ත්වයෙන් මුදා හැරීමටයි පියවර ගැණුනේ.

 

මීට අමතරව ගම්පහ දිස්ත‍්‍රික්කයේ මීගමුව සහ රාගම යන ප‍්‍රදේශ ද එලෙසම හුදෙකලා තත්ත්වයෙන් මුදා හැරුණා.

 

යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ කොළඹ සහ ගම්පහ හැර තවත් ප‍්‍රදේශ කිහිපයකට පැනවූ හුදෙකලා තත්ත්වය තවදුරටත් කි‍්‍රයාත්මක බවයි කෙසේ වුවත් දැනට හුදෙකලා කර ඇති සෙසු ප‍්‍රදේශවල තත්ත්වය සම්බන්ධයෙන් මේ සතියේදී විමසා බැලීමක් සිදුකර එම ප‍්‍රදේශ හුදෙකලා තත්ත්වයෙන් මුදා හරිනවාද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීමටද නියමිතයි.

 

 

views

726 Views

Comments

arrow-up