මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි යුවළක් පොලීසියට මාට්ටු

සීදුව, ලියනගේමුල්ල ප්‍රදේශයේදී සීදුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත ඊයේ (12) රාත්‍රියේ සිදුකළ වැටලීමක දී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 568 මිලිග්‍රෑම් 220 ක් පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම යුවළ යතුරු පැදියකින් මෙම අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි බව පොලීසිය පවසයි.
සැකකරු වයස අවුරුදු 31 හා සැකකාරිය වයස අවුරුදු 40 ක් වන වෑබඩ හා මිනුවන්ගොඩ ප්‍රදේශ වල පදිංචිකරුවන් වේ.
සීදුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදුකරනු ලබයි.
102 Views
Comments