තැපැල් ඡන්දය සලකුණු කිරීම අදින් අවසන්වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
29

තැපැල් ඡන්දය සලකුණු කිරීම අදින් අවසන්වෙයි

තැපැල් ඡන්දය සලකුණු කිරීම අදින් අවසන්වෙයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අදින් (29) අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව කියාසිටී.

 

මෙතෙක් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට අද දිනය තුළ සිය සේවා ස්ථානයේ දී අවසන් දිනයට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිව තිබේ.

 

මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු පසුගිය 24 වන දින ආරම්භ වූ අතර 25 සහ 28 යන දිනවල දී ද ඒ සඳහා අවස්ථාව හිමිවුණි.

views

87 Views

Comments

arrow-up