පොල්තෙල් මිශ්‍ර කරන්න අවසර දී ඇත්තේ යහපාලන ආණ්ඩුවෙන්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
03

පොල්තෙල් මිශ්‍ර කරන්න අවසර දී ඇත්තේ යහපාලන ආණ්ඩුවෙන්

පොල්තෙල් මිශ්‍ර කරන්න අවසර දී ඇත්තේ යහපාලන ආණ්ඩුවෙන්

පසුගියදා මහත් ආන්දෝලනයට තුඩු දුන් ඇපලටොක්සීන් නම් පිළිකාකාරකය අඩංගු පොල්තෙල් මෙරටට ආනයනය කර වෙළඳ පොළට නිකුත් කිරීමේ සිද්ධිය 2016 වසරේ පැවති රජය විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ලබා දුන් නිවේදනයක ප්‍රතිඵලයක් බව මව්බිම පුවත් පත වාර්තා කරනවා.

 

ඒ අනුව පොල් තෙල් සමඟ මිශ්‍ර කරන ද්‍රව්‍ය එහි ලේබලයේ සඳහන් කළ යුතු බවට වන එම අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙන්නේ 2016.10.07 වැනිදාය.

 

අදාළ ගැසට් පත්‍රය නිකුත් කරන අවස්ථාවේ වෙළඳ ඇමතිවරයාව සිට ඇත්තේ රිෂාඩ් බදියුදීන් මහතා බවත් මව්බිම වාර්තා කරනවා.

 

කෙසේ නමුත් මේ වන විට අදාල ගැසට් නිවේදනය වහාම අවලංගු කිරීමට කටයුතු කරන ලෙස පොල් සංවර්ධන අධිකාරිය විසින් පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට දැනුම් දී තිබෙන බවද වාර්තා වේ.

 

එමෙන්ම මින් පසුව කලවම් කිරීමකින් තොරව පොල් තෙල් වෙළඳ පොළට නිකුත් කරන ලෙසත් අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවත් වාර්තා වේ.

 

අදාල ගැසට් පත්‍රයට අනුව මෙත් සිත තෙල් වර්ගයක් නම් මිශ්‍රණයේ අන්තර්ගත වන තෙල් වර්ග හා ඒවා අඩංගු වන ප්‍රතිශත පිළිබඳව විස්තරයක් සහ මිශ්‍රිත කලවම් කළ තෙල් බවට ප්‍රකාශනයක් ලේබලයේ අඩංගු කළ යුතු බවට සඳහන් කර ඇත.

 

මේ හේතුව නිසාවෙනුයි පොල් තෙල් මිශ්‍ර කිරීමට අනුබලයක් ලැබී ඇත්තේ.

 

පොල් තෙල් වල ප්‍රමිතියට මෙය මහත් සේ බලපාන නිසා එම ගැසට් පත්‍රයෙන් පොල් තෙල් ඉවත් කර ගැනීමට දැනටමත් පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මව්බිම පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

 

එමෙන්ම පොල්තෙල් කවලම් කිරීම සඳහා 2016 වසරේ නීතියෙන් අනුමැතිය ලබාදී තිබෙන්නේ කාගේ වුවමනාවටද සොයා බලන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

 

මින් පසුව පොල්තෙල් කිසිම ආකාරයකින් කලවම් කිරීමට නොහැකි බවත් ඒ පිළිබඳව දැඩි අවධානයකින් පසුවන බවත් පොල් සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි.

 

 

 

 

 

 

 

 

 

Source : මව්බිම

views

1181 Views

Comments

arrow-up