රාජාංගනයේ ප්‍රදේශ කිහිපයක සංචරණ සිමා ඉවත් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
28

රාජාංගනයේ ප්‍රදේශ කිහිපයක සංචරණ සිමා ඉවත් කෙරේ

රාජාංගනයේ ප්‍රදේශ කිහිපයක සංචරණ සිමා ඉවත් කෙරේ

රාජාංගනයේ ප්‍රෙද්ශ කිහිපයක සංචරණ සිමා  ඊයේ (27) සවස ඉවත් කළ බව රාජාංගනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

 

ඒ අනුව සිරිමාපුර, යාය1 හි කොටසක්, යාය2 යන ප්‍රදේශවල මෙලෙස සංචරණ සීමා ඉවත් කිරිමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.

 

ඉකුත් 12 වැනිදා සිට රාජාංගනයේ ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා පනවා තිබුණි.

 

අදාළ ප්‍රදේශවල නිරෝධායන කාලසීමාවන් අවසන් වීමත් සහ සංචරණ සීමා පවනා තිබූ කාලය තුළ කොරෝනා ආසාදිතයින් වාර්තා නොවීමත් යනාදි කරුණු සැලකිල්ලට ගෙන සෞඛ්‍ය බලධාරීන් එම ප්‍රදේශවලට පනවා තිබූ සංචරණ සීමාවන් ඉවත් කර තිබේ.

 

යාය 3,4,5 සහ 6 ප්‍රදේශවලට පනවා ඇති සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක වන බවත් රෝගීන් වාර්තා නොවුනහොත් ඉදිරි දින කිහිපය තුළ එම ප්‍රදේශවල ද සංවරණ සීමා ඉවත් කිරීමට හැකි වනු ඇති බවත් රාජාංගනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නාර්යාලය පවසයි.

 

views

702 Views

Comments

arrow-up