සාමාන්‍ය පෙළ විභාගය හෙට ආරම්භ වේ

2020 වර්ෂයේ පැවැත්වීමට නියමිතව තිබු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ(O/L Exam) විභාගය හෙට(01) ආරම්භ කිරීමට සියල්ල සූදානම් බව, විභාග දෙපාර්තමේන්තුව පවසයි.
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ආරම්භ වන විභාගය , ලබන 10 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කරනවා
සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් 622,351 දෙනෙකු පෙනී සිටීන අතර විභාග මධ්‍යස්ථාන සංඛ්‍යාව 4513 විභාග පැවැත්වේ
කොරෝනා හේතුවෙන් එක් දිස්ත්‍රික්කයකයට විශේෂ විභාග මධ්‍යස්ථාන දෙක බැගින් පිහිටුවා ඇතැයි ද විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
ඒ අනුව, දිවයිනේ පිහිටුවා ඇති විශේෂ විභාග මධ්‍යස්ථාන සංඛ්‍යාව 40 කි. අපේක්ෂකයින් සහ කාර්ය මණ්ඩලය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
එහි සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේ, අතිරේක බස් රථ අවශ්‍ය නම් විදුහල්තිවරුන් හරහා ඉල්ලුම් කළ හැකි බවයි.
විභාග ශාලා විෂබීජහරණය කර පිරිසිදු කිරීමේ කටයුතු අද සිදු කෙරිණි.
656 Views
Comments