480ක් සුවය ලබද්දී තවත් 354කට ආසාදනය වෙයි

අද දිනයේ තවත් කොවිඩ් වෛරස් ආසාදිතයින් 354ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපතිවරයා පවසනවා.
කොවිඩ් වෛරස් ආසාදිතයින් අතුරින් තවත් 6,019 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 43,747 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ වන විට මෙරට රෝහල් ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 6,109 ක් වනවා.
මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 50,583 ක්. දිවයිනෙන් දැනට වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 247 ක්.
723 Views
Comments