පොහොට්ටුවේ තවත් පිරිසකගේ සහය රනිල්ට

පොහොට්ටුවේ ඉතිරි වී සිටින සුළු පිරිසෙන් තවත් කණ්ඩායමක් ඉදිරි දින කිහිපයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළ කිරීම සඳහා එක්වන බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.
පොහොට්ටුවේ බහුතර මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට ගත් මෙම තීරණය පාක්ෂිකයන් හා රට ගැන සිතා ගත් තීරණයක් බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මේ බව කීවේ “එක්ව ජයගමු” තේමාව යටතේ පවත්වන මාධ්‍ය සාකච්ඡාවට ඊයේ (31) දින සහභාගී වෙමිනි. බම්බලපිටිය ලොරිස් මාවතේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මාධ්‍ය මධ්‍යස්ථානයේදී මෙය පැවැත්විණි.
232 Views
Comments