පෞද්ගලික රෝහල්වලට රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාව කිරීමට අවසර

කොවිඩ් ආසාදිතයන් කඩිනමින් හඳුනා ගැනීම සඳහා ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණය (රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ) පෞද්ගලික රෝහල්වලද කිරීමට අනුමැතිය ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අනුමත පෞද්ගලික රෝහල් දහයක සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෘජු අධීක්ෂණය යටතේ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ කිරීමට මාර්ගෝපදේශ නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායකමහතා පවසනවා
එම රෝහල්වලට ඇතුළත් වන රෝගීන්ට ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාව සිදු කර කොවිඩ් වැලඳී ඇත්දැයි නිගමනය කළ හැකි පරිදි මාර්ගෝපදේශ සකස් කිරීමට නියමිතය.
මෙම පරීක්ෂණයක් කිරීම සඳහා රුපියල් 1200ක මුදලක් වැය වෙයි.
741 Views
Comments