නීතිඥවරුන් කියන්නේ අමුතු ජීවින් කොට්ඨාශයක්ද? - අවදානම් කියමින් ඉල්ලන්නේ මොනවාද?
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
15

නීතිඥවරුන් කියන්නේ අමුතු ජීවින් කොට්ඨාශයක්ද? - අවදානම් කියමින් ඉල්ලන්නේ මොනවාද?

නීතිඥවරුන් කියන්නේ අමුතු ජීවින් කොට්ඨාශයක්ද? - අවදානම් කියමින් ඉල්ලන්නේ මොනවාද?

කොවිඩ් 19 වෛරසය ආසාදනය වන නීතිඥවරුන්ට ප්‍රතිකාර ලබාගැනීමට සහ නීතිඥවරුන්ට වෛරසය ආසාදනය වී ඇද්දැයි පරීක්ෂා කරන පීසීආර් පරීක්ෂණ සඳහා විශේෂයෙන් රෝහල් වෙන්කරවා ගැනීමේ උත්සාහය පිළිබඳව විවිධ ක්ෂේත්‍රවල විරෝධය එල්ල වී තිබේ.

 

ඒ් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති යොමු කළ බව කියන ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනවා.

 

එම ලිපියේ අවසන් ඡේදයේ සඳහන් කර ඇත්තේ ‘ශ්‍රී ලංකා නීතිඥ සංගම් සාමාජිකයන්ගේ වෘත්තීය තත්ත්වය සැලකිල්ලට ගනිමින් වෛරසය ආසාදනයට ගොදුරු වන නීතිඥවරුන් සඳහා ප්‍රමාණවත් පහසුකම් සහිත සුදුසු රෝහල් වෙන්කිරීමට ඇති හැකියාව සොයාබලන ලෙසයි.

 

සෞඛ්‍ය ඇමැතිවරිය ද නීතිඥවරියක වන නිසා මීට අදාළ සාකච්ඡා කඩිනමින් ආරම්භ කරන ලෙස ද එම ලිපිය මගින් ඉල්ලා තිබේ.‍

 

" වෘත්තීය තත්ත්වය සැලකිල්ලට ගනිමින්..." සහ "සෞඛ්‍ය අමාත්‍යවරිය නීතීඥවරියක වන බැවින්" යැයි සදහන් කරමින් පහසුකම් ඉල්ලා තිබීම ජනතාව දැඩි පිළිකුලෙන් හෙළා දකියි.

 

නීතීඥයන් පවා ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් තබමින් අප්‍රසාදය පළ කර ඇත.

 

වසංගතයක් පවතින මෙවැනි තත්ත්වයක සෑම ආයතනයකම නිලධාරීන් සහ සේවකයින් මෙන්ම මහ ජනතාවද අවදානමක් සහිතව කටයුතු කරයි.

 

එසේ තිබියදී වැඩි අවදානමක් තිබෙන සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවත් නොඉල්ලන පහසුකම් මෙම ලිපිය මගින් ඉල්ලා තිබීම සමාජයේ දැඩි අප්‍රසාදයට පත්ව තිබේ.

 

views

773 Views

Comments

arrow-up