මෙක්සිකෝවේ බස් රථ අනතුරකින් 41ක් ජීවිතක්‍ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
09

මෙක්සිකෝවේ බස් රථ අනතුරකින් 41ක් ජීවිතක්‍ෂයට

මෙක්සිකෝවේ බස් රථ අනතුරකින් 41ක් ජීවිතක්‍ෂයට

මෙක්සිකෝවේ බස් රථයක් අනතුරට පත් වීමෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

කැන්කුන් සිට ටබස්කෝ දක්වා ගමන් කරමින් තිබූ මෙම බස් රථය ට්‍රක් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබේ.

 

අනතුරින් පසු බස් රථය ගිනි ගෙන විනාශ වී ඇති අතර අනතුරට පත්වන අවස්ථාවේදී බස් රථයේ මගීන් 48 දෙනෙකු සිටි බවත් වාර්තා වේ.

 

අනතුරින් පසු මියගිය පිරිසගේ අනන්‍යතාව හඳුනාගැනීමට එරට බලධාරීන් පරීක්ෂණ සිදුකරමින් පවතින බවත් අනතුර සම්බන්ධවද විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

views

108 Views

Comments

arrow-up