තවත් ප්‍රදේශ 13ක් හුදකලා කෙරේ

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයක කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වීමත් සමග කළුතර සහ බේරුවල කොට්ඨාස වල ප්‍රදේශ 13ක් පූර්ණ සහ අර්ධ වශයෙන් හුදකලා කිරීමට ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබේ
ඒ ඊයේ දිනයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ ආසාදිතයින් 120 දෙනෙකු හඳුනා ගැනීමත් සමග.
කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් කුරුඳුවත්ත, මහවත්ත, කුඩා හීනටියන්ගල, වෙට්ටුමකඩ, අක්කරගොඩ, කළුතර දකුණ 725 හා 725 බී යන ග්‍රාම නිලධාරී වසම් සම්පූර්ණයෙන් හුදකලා කිරීමට පියවර ගත් බව කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිලංග ප්‍රේමසිරි මහතා පැවසීය.
එමෙන්ම කටුකුරුන්ද, වේලාපුර හා කලපුව යන ග්‍රාම නිලධාරී වසම් ද අර්ධ වශයෙන් හුදකලා කළ බව කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේය.
බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් මග්ගොන නැගෙනහිර, මග්ගොන බටහිර සහ අක්කරමලෙයි යන ග්‍රාම නිලධාරී වසම් 03 සඳහා සංචරණ සීමා පනවා ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
1028 Views
Comments