දේශීය පර්යේෂකයින්ගෙන් ප්‍රති වෛරස මුහුණු ආවරණයක්

දේශීය පර්යේෂක කණ්ඩායමක් විසින් මෙරටදී පළමුවරට ප්‍රති වෛරස මුහුණු ආවරණයක් නිෂ්පාදනය කර තිබෙනවා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් ඇතුලු කණ්ඩායමක් විසින් නිෂ්පාදනය කර ඇති මෙම මුහුණු ආවරණය මයික්‍රො හා නැනෝ අංශුවලින් සමන්විතයි.
සාමාන්‍ය මුහුනු ආවරණයකින් විෂබීජ අංශු වළක්වාලිම සිදුකරනු ලබනවා.
කෙසේ වෙතත් මෙම මුහුණු ආවරණයේ විශේෂත්වය වන්නේ එය ප්‍රතිවෛරස නාශක පෙරණයකින් සමන්විත වීමයි.
එමෙන්ම සේදුම්වාර විස්සක් දක්වා භාවිත කළ හැකිවීමත්, මාසයක කාලයක් කිසිදු සේදීමකින් තොරව භාවිත කළ හැකිවීමත් මෙහි විශේෂ ලක්ෂණ වනවා.
මෙම මුහුණු ආවරණය අද අදාළ පර්යේෂක කණ්ඩායම විසින් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වෙත අද ඉදිරිපත් කළ බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.
746 Views
Comments