කෑගල්ලේ තත්ත්වය අවදානම්. ඇඳිරිනීතිය පනවන්නැයි ඉල්ලීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
02

කෑගල්ලේ තත්ත්වය අවදානම්. ඇඳිරිනීතිය පනවන්නැයි ඉල්ලීමක්

කෑගල්ලේ තත්ත්වය අවදානම්. ඇඳිරිනීතිය පනවන්නැයි ඉල්ලීමක්

කෑගල්ල දිස්ත්‍රික්කයේ ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වන ප්‍රදේශ සඳහා නිරෝධායන ඇඳිරිනීතිය පනවන්නැයි දිස්ත්‍රික් ලේකම්වරයා ඉල්ලීමක් කරයි.

 

අද වන විට කෑගල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් 104 දෙනෙක් වාර්තා වී ඇතැයි ද දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය පැවසීය. එයින් වැඩිම ආසාදිතයින් ගණනක් ලෙස ආසාදිතයින් 26 දෙනෙක් මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තා වී තිබේ.

 

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා,

 

“ බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් 14 දෙනෙකුත්, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 15 දෙනෙක් හා දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් 12දෙනෙකු වශයෙන් ප්‍රධාන වශයෙන් අපිට වාර්තා වෙලා තියෙනවා.

 

ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ගෙන් අපිට ඉල්ලීමක් ආවා තත්ත්වය ටිකක් ව්‍යාප්ත වෙලා යන තත්ත්වයක් තියෙන නිසා නිරෝධායන ඇඳිරිනීතිය පනවන්න කියලා.

 

ඒ සම්බන්ධව මේ වන විට ජාතික කමිටුව සඳහා හා ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීම් කරලා තියෙනවා. අවශ්‍ය තීරණ ඉහළ මට්ටමින් ගනී කියලා බලාපොරොත්තු වෙනවා. පොලීසියෙන් ඉල්ලීමක් කළා ගම්පහ දිස්ත්‍රික්කයෙන් මේ සීමාවට එන පිරිස සීමා කරන්න වැඩපිළිවෙලක් ගන්න කියලා.

 

ඒ වගේම දිස්ත්‍රික් කමිටුව තීරණය කළා සියලුම නිවාඩු නිකේතන සහ නවාතැන්පොළවල් වසා තැබීමටත් . ඒ වගේම නිරෝධායන ප්‍රදේශ සහ රෝගීන් වැඩිවශයෙන් වාර්තා වු ප්‍රදේශවල සතිපොළවල් පැවැත්වීමත් නැවත දැනුම්දෙන තුරු තාවකාලිතව අත්හිටුවීමටත් කටයුතු කළා.“

 

 

views

880 Views

Comments

arrow-up