අද කාලගුණය - පළාත් කිහිපයකට වැසි සුළං තත්වයේද වැඩිවීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
18

අද කාලගුණය - පළාත් කිහිපයකට වැසි සුළං තත්වයේද වැඩිවීමක්

අද කාලගුණය - පළාත් කිහිපයකට වැසි සුළං තත්වයේද වැඩිවීමක්

බස්නාහිර, මධ්‍යම,සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි ස්වල්පයක් ඇති වේ.

 

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී.

 

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලත් සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන අතර විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක. 

 

කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශ වල ස්ථාන ස්වල්පයක වැසි විය හැක.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත හෝ බස්නාහිර දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන අතර ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවලසුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි විය හැක.

 

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. දිවයින වටා වනසෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

views

719 Views

Comments

arrow-up