මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකිරීමක් අතරතුර වහලය කඩා වැටෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
30

මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකිරීමක් අතරතුර වහලය කඩා වැටෙයි

මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකිරීමක් අතරතුර වහලය කඩා වැටෙයි

මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ නව මහල් ගොඩනැගිල්ලක ඉදිකිරීම් කටයුතු කරන අතරතුර සිදුවු අනතුරක් හේතුවෙන් ළදරුවන් හා මව්වරු කිහිපදෙනෙක් වාට්ටුවකින් ඉවත්කර තිබේ.

 

නව මහල් ගොඩනැගිල්ලට යන්ත්‍රයක් මඟින් කොන්ක්‍රීට් යෙදීමට යාමේදී ඉදිකිරීම් ගොඩනැගිල්ලට යාබඳව පිහිටි ළදරු වාට්ටුවේ වහලය මතට මිශ්‍ර කරන ලද කොන්ක්‍රීට් තට්ටුවක් කඩා වැටීමෙන් ළදරු වාට්ටුවේ වහලය බිඳී ගොස් ඇත.

 

එම අවස්ථාවේ වාට්ටුවේ සිටි ළදරුවන් සහ මව්වරුන් කිහිපදෙනෙකු මතට එම කොන්ක්‍රීට් කඩා වැටී අනතුර සිදුව ඇත.

 

අද (30) අද පෙරවරු කාලයේ සිදුවූ මෙම අනතුර හේතුවෙන් මව්වරුන් තිදෙනෙකු සහ ළදරුවන් තිදෙනෙකු පරීක්ෂණ කටයුතු සඳහා අදාළ අංශ වෙත යොමු කර තිබේ.

 

අනතුර හේතුවෙන් වාට්ටුවේ සිටි සියලූම ළදරුවන් සහ මව්වරුන් දැනට ඉවත් කර ඇති අතර, ඔවුන් ආරක්ෂිත ස්ථානවලට යොමු කර ඇත.

views

198 Views

Comments

arrow-up