පොඩි ලැසී ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් රැසකට කොරෝනා

CID භාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවන් වන පොඩි ලැසී ඇතුළු කීහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
ඔවුන් දැඩි ආරක්ෂාව මධ්‍යයේ කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකර තිබෙන බවයි වාර්තා වන්නේ.
සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා සිටින ප්‍රතිකාර මධ්‍යස්ථානය අභ්‍යන්තරයට සහ ඉන් පිටතත් සන්නද්ධ ආරක්ෂක නිලධාරීන් යොදවා ආරක්ෂාව තර කර තිබෙන බවයි පැවසෙන්නේ.
පෙරදා දිනයේ දී නීතිඥ හිජාස් අහමඩ් හිස්බුල්ලා සහ සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන කොස්ගොඩ තාරක ඇතුළු පිරිසකට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු කර ගැනුණා.
817 Views
Comments