MAR
02
AL හා OL විභාග පවත්වන කාල වකවානු සංශෝධනයට අවධානය

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පවත්වන කාල වකවානු සංශෝධනය කිරීම කෙරෙහි අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමුවී තිබෙනවා.
ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදීත්, උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදීත් පැවැත්වීමට නව යෝජනාවක් අමාත්‍ය මණ්ඩල අනුමැතියට ලබන සතියේ යොමුකරන බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා
දරුවන්ගේ අධ්‍යාපනයට වැඩිපුර ගතවන මාස 09 ක කාලයක් අඩුකර ගැනීම මෙමගින් අපේක්ෂිත බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා පැවසුවේ.
573 Views
Comments