ඉන්දීය විදේශ අමාත්‍යවරයා හෙට දිවයිනට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
04

ඉන්දීය විදේශ අමාත්‍යවරයා හෙට දිවයිනට

ඉන්දීය විදේශ අමාත්‍යවරයා හෙට දිවයිනට

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා දෙදින නිල සංචාරයක් සදහා හෙට(05) දිවයිනට පැමිනීමට නියමිත බව විදේශ අමාත්‍යාංශය නිවේදනය කරනවා.

 

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ ආරාධනයකට අනුව ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙරට නිල සංචාරයක නිරතවේ.

 

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශිවික සබදතා වර්ධනය කර ගැනීම මෙහි ප්‍රධානතම අරමුනයි.

 

මෙම සංචාරය තුළ දී ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , අගමැති මහින්ද රාජපක්ෂ , විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමටද නියමිත බව එම අමාත්‍යාංශය කියා සිටී.

views

611 Views

Comments

arrow-up