ජනවාරි 01 සිට බස්රථවල ඝෝෂාකාරී සංගීතය තහනම්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
24

ජනවාරි 01 සිට බස්රථවල ඝෝෂාකාරී සංගීතය තහනම්

ජනවාරි 01 සිට බස්රථවල ඝෝෂාකාරී සංගීතය තහනම්

ලබන ජනවාරි 1 වැනි දා සිට මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථවල වාදනය කෙරෙන ඝෝෂාකාරී සංගීතය නවතා දැමීමට මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පියවර ගෙන තිබෙනවා.

 

මගී ප‍්‍රවාහනය සදහා යොදවා ඇති දුරගමන් සේවා සහ අනෙකුත් මගී ප‍්‍රවාහන බස්රථවල අධික ශබ්දයෙන් වාදනය කරන ගීත බරපතල හිරිහැරයක්ව තිබෙන බව ජාතික ගමනාගමන කොමිසම පවසනවා.

 

ඒ අනුව මගී ප‍්‍රවාහන බස්රථවල වාදනය සදහා සුභාවිත ගීත එකතුවක් හදුන්වාදීමට කටයුතු කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගමනා ගමන කොමිසමට උපදෙස් ලබාදුන්නා. ඒ පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී. සියලු ජාතීන්ට අයත් මගී ජනතාව නියෝජනය වන පරිදි පහලොස් දහසකට ආසන්න නියැදියක් යොදාගනිමින් සිදුකරන ලද අධ්‍යයනයකින් හෙලිවුණේ මෙම අධික ශබ්දයෙන් වාදනය වන ගීත සියයට සියයක්ම හිරිහැරයක් බවයි.

 

ඒ අනුව ලබන පලමුවනදා සිට විවේක බුද්ධියෙන් යුතුව රසවිදිය හැකි ගීත දහසක එකතුවක් හදුන්වාදීමට තීරණය කර තිබෙනවා.

views

619 Views

Comments

arrow-up