අලි එළවීමට මීමැස්සන් යොදවයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
25

අලි එළවීමට මීමැස්සන් යොදවයි

අලි එළවීමට මීමැස්සන් යොදවයි

වනඅලි පළවාහැරීම සඳහා මීමැස්සන් යොදා ගැනීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම්කොට තිබේ.

 

බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සාකච්ඡාවේදී ඒ බව අනාවරණය වූ අතර අලිවැට හෙවත් විදුලි වැටේ කණුවල මීමැසි පෙට්ටි සවිකර මෙම ව්‍යාපෘතිය දියත් කිරීම සිදු කරනු ලබයි.

 

බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය මහතා පවසා සිටියේ බුද්ධංකෝට්ටේ සිට මිණිපේ ඇළ දක්වා ඉදිකරන අලිවැට සමඟ මීමැස්සන් යෙදවීමට එලෙස නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරන බවයි.

 

බදුල්ල දිස්ත්‍රික්කය තුළ සිදුවූ වනඅලි ප්‍රහාරවලින් මෙම වසර තුළ පමණක් මිනිස් ජීවිත 9ක් අහිමි වී ඇති අතර සිදුවී ඇති දේපළ හානි සංඛ්‍යාව 200කට අධිකය.

 

ඒවාට වන්දි ලෙස රුපියල් ලක්ෂ 75කට අධික මුදලක් ලබාදී ඇති බවත් මෙම රැස්වීමේදී අනාවරණය විය.

views

616 Views

Comments

arrow-up