හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවතට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
23

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවතට

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවතට

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පනවා තිබූ විදෙස් ගමන් තහනම කොළඹ මහාධිකරණය විසින් ඉවත් කර තිබෙනවා.

 

2015 වසරේ ජනාධිපතිවරණය පැවති සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2992 ක මුදලක් වැය කර නිවාස ආධාර ලබාදීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කොට පවරා ඇති නඩුවට අදාළව එහි විත්තිකරුවෙකු වන මොහුට එරෙහිව මීට පෙර විදෙස් ගමන් තහනමක් පනවා තිබුණා.

 

කෙසේ වෙතත් අද මෙම නඩුව නැවත කැඳවූ අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා ජනාධිපතිවරයා විසින් පත් කර තිබෙන ආර්ථික කාර්යය සාධන කමිටුවක ප්‍රධානත්වය දරමින් කටයුතු කරන හෙයින් ඔහුට රාජකාරීමය කටයුතු සඳහා විදෙස්ගත වීමට අවශ්‍ය වී තිබෙන බව දැනුම් දුන්නා.

 

ඒ අනුව බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය ආගමන විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසද නියෝග කළා.

 

views

752 Views

Comments

arrow-up