SEP
01
නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු කටුනායකදී දැලේ

ඩුබායි සිට තීරුබදු නොගෙවා නීති විරෝධීව මෙරටට ආනයනය කළ දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අද (01) අලුයම අත්අඩංගුවට ගෙන තිබුණේ පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ කටුනායක ගුවන්තොටුපොළේ ඒකකය විසිනි.
අත්අඩංගුවට ගත් සැකකරු පානදුර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු සතුව තිබී නීතිවිරෝධී දුම්වැටි 20000ක් පොලිස් භාරයට ගෙන ඇති අතර පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය කටුනායක ගුවන්තොටුපොළ ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරයි.
178 Views
Comments