කොරෝනා රෝගියෙක් ඡන්ද රැස්වීමක
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
14

කොරෝනා රෝගියෙක් ඡන්ද රැස්වීමක

කොරෝනා රෝගියෙක් ඡන්ද රැස්වීමක

මාතර පිටබැද්දර ප්‍රදේශයේ පදිංචි හමුදා සෙබළකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හෙළි වී තිබෙනවා.

 

ඔහු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරමින් සිටියෙකි.

 

නිවාඩු ලබා තම නිවසේ සතියක පමණ කාලයක් ඔහු ගත කර තිබෙනවා.

 

එම කාලය තුළ ඔහු පිටබැද්දර නගරය ඇතුළු මහජනයා ගැවසෙන ස්ථාන ගණනාවකට ගොස් ඇති අතර මහ මැතිවරණයට අදාළ දේශපාලන රැස්වීමකට සහභාගී වී ඇතැයි වාර්තා වනවා.

 

ඔහුට සමීප ආශ්‍රියන් වූ පවුල් පහක් පුද්ගලයන් නිරෝධායනයට ලක් කර තිබෙනවා.

 

 

 

views

2133 Views

Comments

arrow-up