රණ්ඩුව නවතන්න ගොස් පිහිපහර කෑ පුද්ගලයා මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
07

රණ්ඩුව නවතන්න ගොස් පිහිපහර කෑ පුද්ගලයා මරුට

රණ්ඩුව නවතන්න ගොස් පිහිපහර කෑ පුද්ගලයා මරුට

පුත්තලම, විල්ලුවත්ත ප්‍රදේශයේදී බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ති‌බේ.

 

ඊයේ (06) රාත්‍රී කාලයේදී එම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි.

 

මරණකරු අවශ්‍යතාවයක් සඳහා පාපැදියෙන් නිවස ආසන්නයේ ඇති පිරිපහදු ජලය අලෙවිකරනු ලබන වෙළෙඳසැලක් වෙත පැමිණ තිබුණි.

 

එම අවස්ථාවේ එම වෙළෙඳසැල වෙත පාගමනින් පැමණි පුද්ගලයින් දෙදෙනෙකු වෙළෙඳසැල් හිමියා සමග ඇතිකරගත් ආරවුලකට මරණකරු මැදිහත් වී ඇත.

 

එහිදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් තියුණු ආයුධයකින් පහර කා තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතිබවට විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

 

එලෙස මියගොස් ඇත්තේ, 43 හැවිරිදි විල්ලුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකකරයි.

views

109 Views

Comments

arrow-up