බැදුම්කර මගඩිය පත්තු වෙද්දී රනිල් රට පනී

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ මහතා ඊයේ(04දා) රාත්‍රී ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියා.
ඔහු රාත්‍රී 10.05 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 655 දරන ගුවන් යානයෙන් එසේ ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.
ඔහු 3/04 දින උදෑසන 10.00 ට ද ඩුබායි බලා පිටත්ව ගිය එමිරේට්ස් ගුවන් සේවයේ යානයෙන් ගමන් කිරීමට සූදානම් වුවද , අවසාන මොහොතේ එම ගුවන් ගමන අවලංගු කර මෙම ගුවන් යානය තෝරා ගෙන තිබෙන බව සදහන්.
රනිල් වික්රමසිංහ මහතා රටින් බැහැ පිටව ගොස් ඇත්තේ බැඳුම්කර චෝදනාව සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇති බවට ලද තොරතුරු මත බව එක්සත් ජාතික පක්ෂයට හිතවාදී මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබුණා.
හිටපු අගමැතිවරයා අත්අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ ප්‍රබලයෙකුගේ ලද දැනුම්දීමක් හේතුවෙන් වික‍්‍රමසිංහ මහතා රටින් බැහැර වී ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි. ඊයේ පස්වරුවේ රනිල් වික්රමසිංහ මහතා ඩුබායි රාජ්‍ය බලා පිටත්වී ගියේ කිසිදු හේතුවක් නොදන්වමිනි.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු ඇමැති රවී කරුණානායක මහතාට රටින් පිටවීම තහනම් කර ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීම හෙට දින දක්වා කල්දමා තිබෙනවා.
2023 Views
Comments