කපිල චන්ද්‍රසේන - බිරිඳ අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
06

කපිල චන්ද්‍රසේන - බිරිඳ අත්අඩංගුවට

කපිල චන්ද්‍රසේන - බිරිඳ අත්අඩංගුවට

ශ්‍රීලංකන් එයාර්ලන්ස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නයෝමාලී විජේනායක මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.

 


මොවුන් අද (6) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ බාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.

 


ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා මිලට ගැනීමේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලස් ලබාගත්තැයි කියන සිද්ධීයට සම්බන්ධ සිදුකරන පරීක්ෂණ සඳහා මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

 


පසුගිය 3 වැනිදා මුල්‍ය විශුද්ධිකරණ පනත යටතේ චෝදනාවට ලක්වූ මොවුනට එරෙහිව වරෙන්තුවක් ගෙන අත්අඩංගුවට ගන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර තිබිණි.

 

views

754 Views

Comments

arrow-up