සහරාන්ගේ බිරිඳ යළි රක්ෂිත බන්ධනාගාරගත කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
11

සහරාන්ගේ බිරිඳ යළි රක්ෂිත බන්ධනාගාරගත කරයි

සහරාන්ගේ බිරිඳ යළි රක්ෂිත බන්ධනාගාරගත කරයි

කොළඹ කිංග්ස්බරි හෝටලයට බෝම්බ ප්‍රහාරයන් එල්ල කළ මොහොමඩ් මූබාරක් නැමැති සැකකරු ගේ බිරිඳ වන අයේෂා සිද්ධිකා මොහොමඩ් වසීම් යන සැකකාරිය ලබන 25 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද 11 නියෝග කළා.

 

මාස 18 තිස්සේ රදවා ප්‍රශ්න කළ සැකකාරියගේ රැදවුම් කාලය අවසන් වීමෙන් අනතුරුව රහස් පොලිසිය විසින් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිතභාරයේ සිටි අතර සැකකාරිය ස්කයිප් තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත්වරයා එම නියෝගය සිදු කළා.

 

සැකකාරිය පාස්කු ප්‍රහාරයට සෘජුවම සම්බන්ධ වී ඇති බවත් කිංග්ස්බරි හෝටලය ඇතුළු හෝටල් වලට සහ කතෝලික පල්ලි වලට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් සැකකාරිය ආවේක්ෂන සිදු කර ඇති බවත් ඉකුත් දින රහස් පොලිසිය අධිකරණයට දන්වා තිබුණා.

 

 

views

730 Views

Comments

arrow-up