මුව ආවරණ, මීටරේ දුර කොරෝනා නීති පාර්ලිමේන්තුවට අදාල නෑ..- සෞඛ්‍ය ඇමතිනි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
20

මුව ආවරණ, මීටරේ දුර කොරෝනා නීති පාර්ලිමේන්තුවට අදාල නෑ..- සෞඛ්‍ය ඇමතිනි

මුව ආවරණ, මීටරේ දුර කොරෝනා නීති පාර්ලිමේන්තුවට අදාල නෑ..- සෞඛ්‍ය ඇමතිනි

මුඛ ආවරණ පැලදීමේ නීතිය අදාළ වන්නේ එළිමහන් ස්ථාන වලට පමණක් බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සභාවේ අදහස් පළ කිරීමේ දී අවශ්‍ය නම් මුඛ ආවරණ නැතිව එය කල හැකි බවත් ඇය කියා සිටියාය.

 

කතානායකවරයාද පාර්ලිමේන්තුවේ මුඛ ආවරණයක් පැලඳීම අත්‍යවශ්‍ය නැති බවත් ඇය සඳහන් කළාය.

 

පුද්ගලයන් දෙදෙනකු අතර මීරටයක දුරක් පවත්වා ගැනීමත් මුඛ ආවරණ පැලඳීමක් යන සෞඛ්‍යය නීතිය පාර්ලිමේන්තුව අදාල නැති බවද ඇය කියා සිටියාය.

 

විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පාර්ලිමේන්තුවේදී විමසූ පැනයකට පිළිතුරු දෙමින් ඇය මේ බව කියා සිටියාය.

 

කතානායක වරයාද මුව ආවරණයක් නොමැති ව සිටීම සම්බන්ධයෙන් විපක්ෂ නායකයා වරයා පෙන්වා දුන් පසු කතානායකවරයා විසින් එය පැළඳ ගැනීමට කටයුතු කරන ලදී.

views

929 Views

Comments

arrow-up