රුධිර ඉල්ලුම පහළට - ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
31

රුධිර ඉල්ලුම පහළට - ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය

රුධිර ඉල්ලුම පහළට - ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය

මේ වන විට රටේ රුධිර ඉල්ලුම සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසංහ පවසනවා.

 

රටේ උද්ගතව ඇති තත්ත්වය මත ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් හදිසි අනතුරු අවම වීම, සැලසුම් සහගත ශල්‍යකර්ම සිදු නොවීම ආදි හේතු කරුණු මත රුධිර ඉල්ලුම මේ වන විට පහත වැටී ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.

 

කෙසේ නමුත් රුධිර පට්ටිකා දින 4ක් පමණක් තබාගත හැකි බැවින් ඉදිරි දින හතරට ඒවා ඇති නමුත් ඉන්පසුව ඇතිවන තත්ත්වය පිළිබඳව මේ වන විට සාකච්ඡා කෙරෙමින් පවතින බවද ඔහු මෙහිදී සඳහන් කළේය.

 

මේ වන විට එම මධ්‍යස්ථානය මඟින් හඳුන්වා දුන් දුරකථන අංකවලට ප්‍රතිචාර ලැබෙමින් පවතින බව පැවසූ අධ්‍යක්ෂවරයා රුධිර ඉල්ලුම අඩු වුවද රුධිර පට්ටිකාවල ඇති අවශ්‍යතාව මත රුධිර දායකයින්ගේ අඛණ්ඩ දායකත්වය ඉතා වැදගත් වන බව මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය

views

645 Views

Comments

arrow-up