කොස්ගොඩ තාරකගේ මුදල් ප්‍රවාහනයට ආරක්ෂාව දුන් බන්ධනාගාර සැරයන්වරයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
28

කොස්ගොඩ තාරකගේ මුදල් ප්‍රවාහනයට ආරක්ෂාව දුන් බන්ධනාගාර සැරයන්වරයෙක් අත්අඩංගුවට

කොස්ගොඩ තාරකගේ මුදල් ප්‍රවාහනයට ආරක්ෂාව දුන් බන්ධනාගාර සැරයන්වරයෙක් අත්අඩංගුවට

මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ වූ තවත් බන්ධනාගාර නිලධාරියෙකු ඊයේ (27) පෑලියගොඩ, බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන  තිබෙනවා .

 

නිරෝධායන ඇඳිරිනීතිය පැවති සමයේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් මෝටර් රථයකින් ප්‍රවාහනය කිරීම සඳහා මෙම නිලධාරියා තම නිලඇඳුමින් සැරසී යමින් ඊට ආරක්ෂාව සහ රැකවරණය ලබා දී ඇතැයි කරුණු අණාවරණ වී  තිබෙනවා

 

සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ පෑලියගොඩ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.

 

සුලෝචන දයානන්ද නමැති 36 හැවිරිදි ඔහු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සැරයන්වරයෙකු ලෙස සේවය කරමින් සිටි අයෙකි.

 

දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‍“කොස්ගොඩ තාරකගේ“ කුඩු ජාවාරමෙන් උපයාගත් මුදල් හැසිරවූ බවට අනාවරණ වීමෙන් පසු අත්අඩංගුවට ගෙන දැනට රැඳවුම් නියෝග මත සිටින රොහාන් ප්‍රදීප් නමැති සැකකරු සමඟ එක්ව ඔහු මෙම ජාවාරම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණ වී ඇත.

 

අත්අඩංගුවට ගැනුණු සැකකාර බන්ධනාගාර නිලධාරියා මේ වන විට පෑලියගොඩ පොලිස් ස්ථානයේ රඳවා සිටී.

 

views

685 Views

Comments

arrow-up