පොලීස් ජීප් රථයක් හා ත්‍රීරෝදරථයක් ගැටීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
28

පොලීස් ජීප් රථයක් හා ත්‍රීරෝදරථයක් ගැටීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

පොලීස් ජීප් රථයක් හා  ත්‍රීරෝදරථයක් ගැටීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

කටුපොත ප්‍රදේශයේ දී කටුපොත පොලීස් ස්ථානයට අයත් ජීප් රථයක් හා වන්දනා ගමනකට සහභාගි වූ පිරිසක් ගමන් ගත් ත්‍රීරෝදරථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (28) උදෑසන සිදුවූ අනතුරකින් ත්‍රීරෝදරථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ,  ත්‍රිරෝද රථයේ ගමන් කළ 40 හැවිරිදි පියා හා ඔහුගේ මව වන 69 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

 

මෙම අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටිවයස අවුරුදු 34 ක් වු මියගිය පුද්ගලයාගේ බිරිඳ හා 9 හැවිරිදි හා 13 හැවිරිදි වියේ පසුවන දියණියන් දෙදෙනා බරපතළ තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇත.

 

අනතුරින් තුවාල ලැබු පොලිස් කොස්තාපල් රියදුරුවරයා මේ වන විට කටුපොත රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

 

මේ සම්බන්ධයෙන් කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් විශේෂ විමර්ශනයක් පවත්වනු ලබයි.

 

 

 

 

 

views

627 Views

Comments

arrow-up