50,000ක අල්ලස් මුදලක් ලබාගත් තක්සේරු නිලධාරිනියක් අත්අඩංගුවට

රුපියල් 50,000ක අල්ලස් මුදලක් ලබා ගත් තක්සේරු නිලධාරිනියක් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
කුරුණෑගල, බෞද්ධාලෝක මාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
පැමිණිලිකරුගේ නමට ලියාපදිංචි කරන ලද සින්නක්කර ඉඩමකට අදාළ ඔප්පුව සඳහා රජයට අයවිය යුතු හිඟ මුද්දර ගාස්තුව අඩු කර සකස්කර දීමට අවශ්‍ය කටයුතු සකසා දීම වෙනුවෙන් ඇය විසින් මෙම අල්ලස් මුදල් ඉල්ලා තිබේ.
ඒ අනුව අදාළ අල්ලස් මුදල් ලබා ගැනීම සම්බන්ධව වයඹ පළාත් සභාවේ පළාත් අදායම් දෙපාර්තමේන්තුවේ සේවය කළ මෙම තක්සේරු නිලධාරිනිය අද (17) ඇය සේවය කරනු ලබන කාර්යාලයේ නිල මේසය අසලදී අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
123 Views
Comments