පාස්කු ප්‍රහාරයේ පොලිස් විමර්ශන ලිපිගොනු 40 ක් නීතිපතිවරයා පොලිස්පතිට හරවා යවයි

අප්‍රේල් 21 ප්‍රහාරයේ සැකකරුවන් පිළිබඳ සිදුකර ඇති විමර්ශන 40 ක් අසම්පූර්ණ බව නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම් දුන්නා.
එම විමර්ශන 40 ට අදාළ සියලු ලිපිගොනු ද වැඩබලන පොලිස්පතිවරයා වෙත ආපසු යොමු කිරීමටයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා අදාළ අංශ වෙත නියෝග කර තිබුණේ.
එමෙන්ම ඔහු වැඩබලන පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා වෙත දැනුම් දී ඇත්තේ ඉදිරියේදී ද පොලිස් පරීක්ෂණ පිළිබඳ අසම්පූර්ණ ලිපිගොනු ආපසු යොමු කිරීමට පියවර ගන්නා බවයි.
අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළ අසම්පූර්ණ විමර්ශන කඩිනමින් සම්පූර්ණ කර තමන් වෙත එවන ලෙස ද නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
695 Views
Comments