පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
22

පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

පසුගිය වසරේ පළමු ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් රජයෙන් ලබා දුන් පාසල් නිල ඇදුම් තිළිණපත් වල වලංගු කාලය 20201- 02- 28 දින දක්වා දීර්ඝ කර තිබෙනවා.

 

කොරෝනා වසංගතය හමුවේ පාසැල් වසා තිබීම, දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සංචාරයේ සීමා පැනවීම, ව්‍යාපාරික ස්ථාන වසා තැබීම යන කරුණු හේතුවෙන් තිලිණපත් සදහා අදාළ නිල ඇඳුම් රෙදි මිලදී ගැනීමට ඇතැම් සිසුන්ට නොහැකිවූ බවට අධ්‍යාපන අමාත්‍යාංශයට තොරතුරු ලැබී තිබෙනවා.

 

ඒ පිළිබඳව සලකා බලා මෙම තීරණය ගත් බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ සඳහන් කරන්නේ.

 

 

views

718 Views

Comments

arrow-up