විස්සට එරෙහිව සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
23

විස්සට එරෙහිව සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයට

විස්සට එරෙහිව සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයට

විසිවන සංශෝධනයට එරෙහිව, සමගි ජන බලවේගය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

විසිවන සංශෝධනයේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පෙනී යන බැවින්, විසිවන සංශෝධනය සම්මත වීමට නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයට අමතරව ජනමත විචාරණයක් ද අවශ්‍ය බව නිගමනය කරන ලෙස, සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.

පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් මෙම පෙත්සම ගොනු කර තිබේ.

views

861 Views

Comments

arrow-up