දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ අනතුරු ඇගවීම්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
05

දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ අනතුරු ඇගවීම්

දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ අනතුරු ඇගවීම්

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය විසින් නාය යාම් අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

 

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඇහැළියගොඩ, ඇළපාත සහ කුරුවිට යන ප්‍රදේශවලටත් කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ප්‍රාදේශිය කොට්ඨාශයටත් මෙලෙස අධියර එක යටතේ නායයෑම් අනතුරු ඇගවීම් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.

 

මෙම ප්‍රදේශවල පවතින දැඩි වර්ෂාපතන තත්වය සැළකිල්ලට ගනිමින් මෙම නිවේදනය නිකුත් කළ බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍යය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ.

 

 

views

626 Views

Comments

arrow-up