මෙරට කොරෝනා ආසාදිතව සිට සුවය ලැබූවන් ගණන 39,000 ඉක්මවයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
06

මෙරට කොරෝනා ආසාදිතව සිට සුවය ලැබූවන් ගණන 39,000 ඉක්මවයි

මෙරට කොරෝනා ආසාදිතව සිට සුවය ලැබූවන් ගණන 39,000 ඉක්මවයි

මෙරට කොවිඩ් වෛරස් ආසාදිතයින් අතුරින් තවත් 761 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

 

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 39,023 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

මේ වන විට මෙරට රෝහල් ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 6,486 ක් වනවා.

 

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 45,726 ක්.

 

දෙවන කොවිඩ් රැල්ල ලෙස හඳුන්වන මිනුවන්ගොඩ-පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිත ආසාදිතයින් 41,477 ක් ලෙස වනවා.

 

දිවයිනෙන් දැනට වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 217 ක්.

 

 

views

515 Views

Comments

arrow-up